ASKME
0 votes
384 views
by (588 points) | 384 views

1 Answer

0 votes

සතුන් ඉවත් වී ගිය පරණ රන් කුඹල් ගෙයක් ගෙන එය දෙහි ඇඹුලෙන් අනා දෙහි ඇඹුල් හෝ විනාකිරිවල පෙඟවූ රෙදි කඩක එය ආලේප කොට නළල මත පැලැස්තර තබන්න. (මෙය කෙම් ක්රමයකි.)

 තල තෙල් ටිකක් හිසට දමා ඊට උඩින් දෙහි ඇඹුල් ටිකක් දමා හිස අත ගාන්න .

 දෙහි කොළ හොඳින් තම්බා එහි හුමාලය හොඳින් මුහුණට වදින සේ තබාගනිමින් හුස්ම ඉතා තදින් ඉහල පහල කරන්න.

 කෝමාරිකා මදය සූරා නළලේ තබා වැඩිය තද නොවන සේ රෙදි පටියකින් වෙලන්න.

 තදබල හිසරදයට

• නස්නයක් :-

දෙළුම් මල් ඉස්ම තන කිරි මිශ්ර කර නස්නය කරන්න.

• තැවීමක් :-

මී ඇට, ඉරමුසු, කොට්ට පොල් සමව ගෙන කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තවන්න.

• පැලැස්තරයක් :-

ඇඹුල් දොඩම් ලෙල්ලේ පැඟිරි අබ සමඟ විනාකිරෙන් අඹරා රෙදි කැබැල්ලක ගා නලල මත පැලැස්තර එලන්න.

• කසායක් :-

බෙලි මුල්, අමු ඉඟුරු, තිප්පිලි කලං 4 බැගින් ගෙන පත අට එකට සිඳ සහිඳ ලුණු ස්වල්පයක් දමා බොන්න.

by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users