ASKME
0 votes
19 views
ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගන්නේ කොහොමද?
by (576 points) | 19 views

1 Answer

0 votes

උණ වැළදී තෙවන දිනයට පසු ඩෙංගු රක්තපාත උණ වැළදුන රෝගීන් ප්ලාස්මා තරලය කාන්දු වීම වැනි සංකුලතා වලට බඳුන් වීමේ අවදානමක් ඇති නිසා ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගීන් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඩෙංගු රක්තපාත තත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ උණ බැස යනවත් සමගය.

උණ නොමැතිව හෳද ස්පන්දනයේ වේගවත් බවක් හෝ උණ ට අනුපාතික නොවන පරිදි  වේගවත් හෳද ස්පන්දනයක් බොහෝවිට ඇතිවිය හැක.  හෳද සන්කුචන පීඩනය හා විස්ථාර පීඩනය අතර වෙනස පටු වීම (40 mmHg සිට 30 mm Hg) මගින් තරලය කාන්දු වීම පටන් ගැනීම පිලිබඳ ඉඟියක් ලබා දෙන අතර මේ අවස්ථාවේදී රෝගියා රෝහල් ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මේ අවස්ථාවේදී සිදු කරන පරීක්ෂණ මගින් ක්‍රම ක්‍රමයෙන් රුධිරය ඝන වීමක් පෙන්නුම් කරන අතර මෙමගින් රෝගියා අවදානම් අවදියට පැමිණ ඇති බව හඳුනාගත හැක.

කෙසේ වෙතත් අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක ආධාරයෙන් උර කුහරය හා උදර කුහරය තුලට ක්‍රම ක්‍රමයෙන් ප්ලාස්මා තරලය එකතුවන බව පෙන්වීම අවදානම් අවධියට රෝගියා පත්ව ඇති බවට වඩාත් විද්‍යාත්මක සාක්ෂියක් වේ

by (420 points)

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
721 questions
289 answers
6 comments
3,898 users