ASKME
0 votes
13 views
by (50 points) | 13 views

1 Answer

0 votes

ඒ දිනය සෑහෙන කාලසීමාවකට පෙරම නිවාඩු දිනයක් බව දැන ගත්තොත් උසාවි කාර්යාලයේ දැන්වීම් පුවරුවේ එම දිනට අදාල නඩු වෙනත් දිනයකට කල් දමන බව සදහන් දැන්වීමක් පළ කරනවා. සාමාන්‍යයෙන් නඩු දිනේ කල් දාන දිනය දැනගෙන නඩුව තියෙන කෙනා එදාට උසාවි ගියානම් හරි.

ඒත් සමහර නඩුවල එහෙම කල් දාලා බැරි අවස්ථා එනවා,ඒ වගේ වෙලාවට කරන්න ඕන මෙහෙම, නඩුව කල් දාලා තියෙන දිනය වෙනකන් ඉන්නෙ නැතුව පලමුව හමුවෙන පොලිස් දිනයෙදි motion එකක් මගින් නඩුව කැදවලා ඔබේ ඉල්ලීම ගරු විනිසුරුතුමා වෙත lawyer මගින් කරන එක.කොහොමත් නඩුවක් එහෙම වෙන දිනයකට කල් දැම්මොත් වරෙන්තු කරන්නෙ නම් නෑ.ඒත් ඔය හිරේ ඉන්න දින 14 න් 14 ට උසාවියට  ගේන අයගෙ නඩුවල නම් හුගක්ම වෙලාවට කරන්නෙ විනිසුරුතුමා නිල මැදිරියට ඒ හිරේ ඉන්න අයව ගේන්න කියලා ඒ අයට ඇප දෙන එක හෝ බන්ධනාගාරගත කරන එක.මේ කල් දාන දිනය උසාවියට එන්නෙ නැතුව දැන ගන්න නම් ඔබේ lawyer ගෙන් අහල දෑන ගන්න.

by (53 points)
Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
28 questions
33 answers
1 comment
94 users