ASKME
0 votes
14 views
by (65 points) | 14 views

1 Answer

0 votes

සාමාන්යයෙන් Blue Screen of Death(BSOD)  වෙන්න හේතුව තමා computer එකේ hardware වල හෝ hardware drivers software වල ප්රශ්නයක්.සමහර වෙලාවට window kernel එකේ run වෙන software එකක අවුලක් වෙන්නත් පුලුවන්. මේ විදියට එකපාරටම blue screen එකක් ඇවිත් windows restart වෙන එක OS එක crash වෙන්න හේතුවක් වෙනවා.

  • Computer එකට අලුතින් දාපු Hardware , Software ,Windows updates මොනවද කියලා පොඩ්ඩක් හිතල බලන්න. මොකද  Blue screen එකට හේතුව ඒක වෙන්න පුලුවන්.
  • Computer scan කරන්න virus තියෙනවද බලන්න.සමහර virus වලට පුලුවන් Master boot record එකට හානි කරන්න.ඒකත් Blue screen එකට හේතුවක් වෙන්න පුලුවන්.
  • Hard disk එකේ free space කොච්චර තියෙනවද බලන්න.ඒකට හේතුව තමයි free space නැති උනාම data corrupt වෙන්න පුලුවන්.එතකොටත් Blue screen වෙන්න පුලුවන්.
  • Drivers update කරන්න. ගොඩක් වෙලාවට Blue screen වලට හේතු වෙන්නෙ Hardware හෝ Hardware drivers.ඉතින් Hardware drivers හරියට Update නොකිරීමත් මේකට හේතුවක්.
  • Computer එක Safe mode එකට Boot කරන්න.ඔයාගෙ Computer එක නිතරම Blue screen එකට් යනව නම් Safe mode එකට Boot කරන්න.Safe mode එකේදි Windows load කරගන්නෙ අත්යාවශයම Drivers විතරයි.ඔයා Install කරපු Driver එකක් Blue screen වලට හේතුවක් නම් ඒක Safe mode එකේදි බලපාන්නෙ නෑ.එහෙම උනොත් ඔයාට ඒක හොයාගෙන Safe mode එකේදිම හදාගන්න පුලුවන්.
  • මේ කිසිම දෙයක් හරියන්නෙ නැත්නම්,නිතරම Blue screen එනව නම් ඉතින් කරන්න තියෙන්න Windows ආපහු install කරන එක තමයි.
by (62 points)
Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
100 questions
74 answers
2 comments
358 users