බණ්ඩාරවෙල කියන්නේ බලන්න යන්න ගොඩක් තැන් තියන පැත්තක්.එක පැත්තකින් නුවරඑලිය , වැලිමඩ තව පැත්තකින් බදුල්ල තව පැත්තකින් ඇල්ල , වැල්ලවාය අනිත් පැත්තෙන් දියතලාව හපුතලේ බෙරගල. ඉතින් බණ්ඩාරවෙලට ආවොත් යන්න පුළුවන් ගොඩක් තැන් තියනවා.කිලෝමිටර 30 , 40ක වපසරිය ඇතුලේ ගොඩක් තැන් කවර් කරන්න පුළුවන්.
දිය ඇලි විතරක් ගත්තොත් සුරතලි ඇල්ල , බඹර කන්ද , දියළුම , දුන්හිද , රාවනා , බෝඹුරු ඇල්ල , ඇල්ලේවෙල ඇල්ල වගේ දිය ඇලි බලන්න යන්න පුළුවන්.
තව ලිප්ටන් සීට් , එඩිසම් බන්ගලාව , නයින් ආර්ච් වගේ තැනුත් යන්න පුළුවන්.
පොඩි හයික් එකකට වගේ යන්න නම් හොර්ටන් තැන්න , අඹේවෙල , ඇල්ල රොක් , පුංචි සිරිපාදේ වගේ තැන් තියනවා.
සිරියස් හයිකින් වලට නම් යකාගේ පඩිපෙල වංගෙඩි ගල හා ගල නමුණුකුල නාරංගල වගේ එකි මෙකි නොකි කදු රාශියක් තියනවා. කැම්පින් වලටත් ලොකු බාධා නැ.
වැඩ්හිටි උදවියත් එක්ක එනවා නම් මුතියංගනේ , දෝව රජ මහා විහාරය වගේම ඓතිහාසික වටිනාකමක් තියන බෝගොඩ ලී පාලම , බුදුරුවගල වගේ තැන් බලන්න යන්නත් අමතක කරන්න එපා.