ASKME
0 votes
26 views
by (540 points) | 26 views

1 Answer

0 votes

අලුතින් සොයා ගන්නා එන්නත් සාමාන්‍ය ජනතාවට ලබා දීමට පෙර දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇත.

මේ අවස්ථාවේදී කොරෝනා වෛරසය වෙනුවෙන් තැනෙන එන්නත් අතිශය වේගවත් ක්‍රියාවලියකට භාජනය වී ඇති නමුත් එය ආරක්ෂිත ද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදු කෙරෙන සියලු පරීක්ෂාවන්, සායනික අත්හදා බැලීම් තුළ සිදු කරමින් පවතී.

සෑම වෛද්‍ය ප්‍රතිකාරයක ම අතුරු බලපෑම් පවතී. කොරොනාවෛරස එන්නත ද එසේමය.

සෑම එන්නතක ම පවතින අතුරු බලපෑම් බොහොමයක් ඉතා සුළු කොට තැකිය හැකි ඒවාය. ඒ අතර එන්නත ලබා දුන් ස්ථානය ඉදිමීම හෝ ඒ අවට සම රත් පැහැ ගැන්වීම විය හැකිය

ලොව පුරා කොරෝනාවෛරස එන්නත් සායනික අත්හදා බැලීම් 23 ක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඒ අතරින් යම් එන්නතක් සාර්ථක වී ඇත්දැයි අපට දැනගත හැකි එකම ක්‍රමය නම්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ට එය ලබා දීමෙන් පසු ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී කොරෝනාවෛරසයට නිරාවරණය වී ආසාදනය නොවන්නේ නම් පමණි.

කෙසේ නමුත් නව කොරෝනාවෛරසය වෙනුවෙන් නිපදවෙන එන්නතක පැවතිය හැකි අතුරු ආබාධ පිළිබඳව නිගමනයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව කෙරුණු සායනික පරීක්ෂණවලින් අනතුරුව ය.

මේ පිළිබඳව ඖෂධ නියාමකයන් දැඩි අවධානයකින් පසුවනු ඇත.

එන්නතක් නිෂ්පාදනය කළහොත් එහි මුල් අවධිය තුළ සැපයුම සීමා සහිත වනු ඇත. එම නිසා පළමු තොග භාවිතය පිළිබඳව ප්‍රමුඛතාව තීරණය කළ යුතුව පවතී.

by (416 points)

694 questions

286 answers

6 comments

3.1k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
694 questions
286 answers
6 comments
3,059 users