ASKME
0 votes
136 views
by (588 points) | 136 views

1 Answer

0 votes
කොවිඩ්-19 වයිරසය ප්‍රථමයෙන් මතු වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, බහුතරයක් දෙනා තවමත් සිටින්නේ අවදානමට ලක්ව ය. එය පාලනය කර ගත හැකි එක ම ක්‍රමය වී ඇත්තේ අන්‍යයන් හා ගැටෙන ප්‍රමාණය අඩු කිරීම යි. එහෙත් ජනතාවගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු සිදු වන ආකාරය අනුව එම පිළිවෙත් අනුගමනය කිරීමට අපහසු ය. එබැවින් යම්තාක් දුරකට හෝ වයිරසය අඩපණ කිරීම සඳහා එන්නතක් ශරීරගත කිරීම යනු සුදුසු පියවරකි.

‘ෆයිසර් බයෝ එන්ටෙක්’, ‘මෝඩර්නා’ සහ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ යනු මේ වන විට නිෂ්පාදනය කර තිබෙන එන්නත් සියල්ල අතරින් පෙරමුණෙහි ම සිටින වර්ග තුන වේ. ෆයිසර් සහ මෝඩර්නා යන දෙවර්ගය ම ආර්.එන්.ඒ. ප්‍රවේශය හරහා නිර්මාණය කර තිබේ. එය තරමක් ඉක්මන් ක්‍රමයකි. එහි දී ඔවුන් විසින් වයිරසයේ ජාන කේතයට අදාළ ඉතා කුඩා කොටසක් නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට එන්නත් කරනු ලැබේ. අදාළ කොටස මගින් ඔහුගේ ශරීරය ඇතුළත වයිරසය නිපදවීමට පටන් ගන්නා අතර ඒ හරහා ශරීරය තුළ වයිරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩ නැගේ. එබැවින් අදාළ පුද්ගලයා හට පිටතින් වයිරසය ආසාදනය වීමේ අවදානම අඩු වී යයි. මේ වන විට අදාළ එන්නත් දෙවර්ගය එක්සත් රාජධානිය, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ භාවිත කිරීම සඳහා අනුමත වී ඇත.

ඔක්ස්ෆර්ඩ් එන්නත ඉහත දෙවර්ගයට වඩා සියුම් ලෙස වෙනස් වේ. එහි දී අදාළ ජාන කේතයන් ශරීරය තුළට ගෙන යාම සඳහා භාවිත කරනුයේ කිසිසේත් හානිකර නොවන වයිරසයකි. මෙම එන්නත එක්සත් රාජධානිය සහ යුරෝපය තුළ අනුමත කර ඇත.

මේ අතර නව එන්නත් දෙකක් පිළිබඳ සිදු කෙරුණු මහා පරිමාණ අත්හදා බැලීම්වල දත්ත ද මෑතක දී ඉදිරිපත් කරන ලදී. ‘ජැන්සන්’ සහ ‘නොවාවැක්ස්’ යන නම්වලින් හඳුන්වනු ලබන නව එන්නත් දෙවර්ගයෙහි වැඩකටයුතු මේ වන විට ඖෂධ නියාමකයන් විසින් සමාලෝචනය කෙරෙමින් තිබේ.

ජැන්සන් එන්නත ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි තාක්‍ෂණය ම භාවිත කරයි. එනමුත් එය ලබා දෙනු ලබන්නේ මාත්‍රා දෙකකට නොව තනි එන්නතක් වශයෙනි. එහෙයින් එය ගබඩා කිරීම සඳහා අවශ්‍ය වනු ඇත්තේ එක් ශීතකරණයක් පමණි. මේ වන විට ජැන්සන් එන්නතෙහි මාත්‍රා බිලියනයක් පමණ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම එන්නත මගින් ලොව පුරා සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව පෙනී යයි.

නොවාවැක්ස් එන්නත සඳහා යොදා ගනු ලබන්නේ තරමක් වෙනස්, එහෙත් පැරැණි ක්‍රමයකි. එහි දී වයිරසයෙන් ලබා ගන්නා ලද ප්‍රෝටීන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන ආකාරයේ මූලික රසායනික ද්‍රව්‍යයක් ශරීරය තුළට එන්නත් කරනු ලැබේ.

අනෙකුත් එන්නත් වර්ග යුරෝපය සහ එක්සත් ජනපදය විසින් භාවිත නොකළ ද තවත් එන්නත් වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් ලොව පුරා නිපදවා තිබේ.

මේ අතර කොවිඩ්-19 වයිරසයේ නව අනුවාදයන් කිහිපයක් ම ලොව පුරා විවිධ රටවලින් මතුවෙමින් තිබේ. නව ප්‍රභේද පිළිබඳ ප්‍රථමයෙන් ම දත්ත ලැබී තිබෙන්නේ ජැන්සන් සහ නොවාවැක්ස් එන්නත් කරන ලද පුද්ගලයන් හරහා ය. විශේෂයෙන් දකුණු අප්‍රිකාව තුළ සිදු කෙරුණු එන්නත්කරණයේ ඵලදායීතාව ඉතා අඩු වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ ද මෙම නව ප්‍රභේද කිහිපය බව සොයා ගෙන ඇත. කොවිඩ්-19 වයිරසය අනෙකුත් වයිරස වර්ගවලින් වෙනස් බව සැබෑවක් වුවත්, එය මේ වන විට චලනය වන ඉලක්කයක් බවට පත් ව තිබෙන්නේ කෙසේ ද? යන වග සොයා ගැනීමට බොහෝ පර් යේෂකයන් උත්සාහ දරමින් සිටින බව පෙනේ. කෙසේ වුවත් තත්ත්වය මේ ආකාරයෙන් ම පැවතුණහොත් අනාගතයේ දී අප දැනට සම්මත කොට ගෙන ඇති සියලු එන්නත් වර්ග සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සිදු වනු ඇත.
by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users