ASKME
0 votes
426 views
by (375 points) | 426 views

1 Answer

0 votes
අතීතයේ අපට පැවතියේ සොබාදහම හා නිතැතින්ම බැඳී පැවතුනු කෘෂිකර්මයකි. ඔවුන් තමන්ගේ හේනට, කුඹුරට පැමිණි වන සතුන්, කෘමි සතුන් ඝාතනය නොකර, හිංසා නොකර පළවා හැරි ක්‍රම රාශියක් ඒ අතර විය. එම ක්‍රම අතරින් කෙම් ක්‍රම ප්‍රධාන තැනක් ගන්නා ක්‍රමයකි. මෙම පාරම්පාරිකව පැවැත ආ ප්‍රභල කෙම් ක්‍රම තමන්ගේ ගෙවත්තේ, කුඹුරේ, ගොවිපොළේ, හේනේ වගා කරන බෝගයන් ආරක්‍ෂා කර සාර්ථක ඵලදාවක් ලබා ගැනීමට ඔවුන් නිරතුරුවම යොදා ගත්තේ ය.

 ගොයමේ සිටින විවිධ කෘමීන් මර්ධනයට

. කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.

. කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.

. හීනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.

. දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.

. දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන සඳහා අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න, වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න, ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.

. ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.

. වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන,
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.

 අලින්ගෙන් ,ඌරන්ගෙන්, මුවන් ,ගෝනුන්, සර්පයන්, ගොයම් මැස්සන්ගේ හානියට

පළමුව තමන් පිරිසිදු වී පංච ශීලයෙහි පිහිටා බුද්ධ පුජාවක් පවත්වා දෙවියන්ට පින් දී පහත මන්තරයෙන් අබ හෝ වැලි 108 වරක් මතුරා කුඹුරට ඉසින්න.
“ඕං නමං සුරෙහ්‍ය බලජං ජපරි පරි පරි මිලාස්මහා ඕසුරෙහ්‍යනමං“

 කෙත් වතු ආරක්ෂාවට
========================

නොපෑගුන ගල් 4ක් ගෙන මල් බුලත් තට්ටුවක් සාදා කට්ට කුමංජල් ,දුම්මල දුම් අල්ලා එම ගල් 4 මල් බුලත් තට්ටුවේ තබා 108 වාරයක් පහත මන්ත්‍රය මතුරා ගල් හතර කුඹුරේ හතර කොන වළලන්න.
” ඕ නමෝ පෙර දුටු අංගුලි මාලයි තෙත් සුවඳ ඇල් පැදුරක් ඇත. ඒ ඇල් පැදුරකඩ අරන් කෙල්ල කියන ඇත්තීන් ගල්ලෙත්තු හිසක ඇත්තීන් දෙන්නා ආ තැනේදී ඒ අංගුලි මාලයෝ ගල් හතරක් ගෙන මතුරා තිබු ආඥාවෙන් ආනුභාවයෙන් ංද්ත මිගේ පෙර කෙත දෙස බලා නොබලන්ඩි බුද්ධ ශ්‍රීමා බැන්දෙන්
by (420 points)

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
721 questions
289 answers
6 comments
3,898 users