ASKME
0 votes
136 views
by (23 points) | 136 views

1 Answer

0 votes

ලාදුරු බිය නොවන්න.. දැනුවත් වී ආරක්ෂා වන්න.. කාලයක් යටපත්ව පැවතුන වර්තමානයේ නැවත හිස ඔසවන ලාදුරු රෝගය පිලිබදව කතා බහ කිරීමට දැන් කාලය පැමිණ ඇත. මුලින්ම ලාදුරු කියන්නෙ මොකක්ද කියලා අවබෝධයක් ලබා ගනිමු. මොකක්ද මේ ලාදුරු රෝගය ලාදුරු යනු "Mycobacterium leprae" හෝ "Mycobacterium lepromatosis" නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම, ශ්වසන මාර්ගය, සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි. මෙම ස්නායු හානිය නිසා වේදනාව දැනීමේ හැකියාව නැති වී යාම සිදුවේ එහි ප්‍රතිඵලයක් ලෙස නොදැනුවත්වම තුවාල ඇති වීම සිදුවේ. එලෙස නොදැනුවත්වම ඇති වූ තුවාල ආසාදනය වීම හේතුවෙන් හෝ නැවත නැවත තුවාල වීම මගින් පුද්ගලයෙකුගේ ශරීරයේ අන්ත කොටස් නැති වීමට හේතු විය හැක(අත් හා පාද අග්‍ර). ආසාදිත පුද්ගලයන්ගේ පේශි දුර්වලතාවය සහ ඇස් පෙනීම දුර්වලතාවය ඇතිවිය හැකිය. රෝගයේ ප්‍රධාන වර්ග දෙකක් තිබේ එනම් පෝසිබැසිලරි සහ මල්ටිබැසිලරි (Paucibacillary & Multibacillary) මෙය පවතින බැක්ටීරියා සංඛ්‍යාව මගින් වෙනස් වීම සිදුවේ. Paucibacillary රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සමෙහි හැඟීම් නොදැනෙන දුර්වල වර්ණ සහිත ලප පහක් හෝ අඩු ප්‍රමාණයක් ඇත නමුත් Multibacillary රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සමෙහි ලප පහට වඩා වැඩි ප්‍රමාණ්‍යක් පවතී. රෝග විනිශ්චය සනාථ කිරීම සඳහා සමේ බයොප්සි පරීක්ෂණයක් සිදු කරනු ලබයි. මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාධිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ. ලාදුරු රෝගය ගර්භණී සමයේදී නූපන් දරුවාට හෝ ලිංගික සම්බන්ධතා හරහා පැතිරීමක් සිදු නොවේ. ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ. ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය. වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (Multi Drug Treatment-MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි. ලාදුරු ප්‍රතිකාරය මගින් සුව කළ හැකිය. ලාදුරු සහ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ පලමු වරට ලාදුරු රෝගීන් වාර්තා වී ඇත්තේ ලන්දේසි පාලන සමයේදීය. එහිදී ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ වත්තල, හැඳල ප්‍රදේශයේ ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කරන ලදි. ලාදුරු මර්දන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ 1954 වසරේදී වූ අතර 1995දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.එම නිසා 2001දී ලාදුරු සේවාවන් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලදී. පසුගිය වසර කිහිපය තුළදී දිවයින පුරා වාර්තා වූ රෝගීන් අතර 10%ක් පමණ වයස අවුරුදු 15ට අඩු ළමුන් වීම පිළිබඳව ලාදුරු මර්දන ව්‍යාපාරයේ දැඩි අවධානයට ලක් වී තිබේ. ඔවුන් නිකුත් කර ඇති නිවේදනයට අනුව 2019 වසර තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1683කි.මින් වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල අලුතින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 41%ක් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 691කි. කෙසේ වෙතත්, තවමත් නව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්ෂිකව වාර්තා වේ. ලාදුරු රෝග ලක්ෂණ ⭐ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ඇති වීමයි. ⭐ලප ආශ්‍රිත ඝන, තද වියලි සමක් පැවතීම. ⭐පාදවල වේදනා රහිත වණ ඇතිවීම. ⭐වේදනා රහිත ඉදිමීම හෝ මුහුණේ හෝ කන්පෙති මත ගැටිති ඇතිවීම. ⭐ඇහි බැම හෝ ඇහිපිහාටු නැතිවී යාම. ලාදුරු නිසා ඇතිවන සංකූලතා ⭐සමේ රෝගී තත්වය නිසා ඇතිවන විරූපී බව. ස්නායු සංවේදනය බිඳවැටුණු ප්‍රදේශ වල, සංවේදීතාවයක් නොමැති කම නිසා නිතර නිතර තුවාල වීම් පිලිස්සීම් ආදියට ලක්වීමේ හැකියාව. ⭐ස්නායු දුර්වල වීම නිසා ඒ ආශ්‍රිත මාංශපේශී දුර්වල වීමත්, එම නිසා අත පය වල ඇඹරුණු හා කොරවුණු ස්වභාවයන් ඇතිවීම. ⭐ඇස්වල ග්ලූකෝමා තත්වය නිසා ඇස්පෙනීමේ දුර්වලතා ඇතිවීම. ⭐ලිංගික අප්‍රාණිකතවය. ශාරීරික හා ස්නායු හානිය සුව කළ හැකි වුවද පෙර පැවති තත්ත්වයට ආපසු හැරවිය නොහැකි බැවින් රෝගය කල්තියා හඳුනා ගැනීම වැදගත් වේ. ලාදුරු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සමඟ ජීවත්වන අයගේ අවදානම අඩු කිරීමට ඖෂධ මගින් හැකි වේ. ලාදුරු රෝගයෙන් පෙළෙන අයෙකු සමඟ සමීප සම්බන්ධතා ඇති පුද්ගලයින්ට රෝගය ඇතිවීම වැළැක්වීමේ ඖෂධ ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. "මේකට බය වෙන්න ඕන නැහැ. ප්‍රතිකාරවලින් නිට්ටාවට ම සුව වෙන නිසා ලාදුරු රෝගීන් කොන් කිරීමක් හෝ වෙන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැඟීම් දැනීම නොදැනෙන, හමේ පාටට වඩා අඩු පාටින් යුත් ලප තමයි බොහෝ විට ඇති වන්නේ. ඇස් දෙක වහගෙන පෑන් තුඩකින් අනිනකොට තමන්ට දැනෙන්නේ නැත්නම් ප්‍රතිකාර පතන්න" වරක් ලාදුරු වැලැක්වීමේ කාර්යයේ යෙදෙන වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත. Written by Ramesh Nuwan Abeywickrama #leprosy #LeprosyAwareness #VHEALTH #healthyliving

by (375 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,001 users