ASKME
+1 vote
135 views
by (576 points) | 135 views

1 Answer

0 votes

ශ්‍රී ලංකාවාසීන් අතර පැතිර යමින් පවතින බරපතල වකුගඩු රෝගය සම්බන්ධ ශ්‍රී ලංකාවේ දී ලබා ගත හැකි දත්ත විශ්ලේෂණය කිරීමේ දී කැඩ්මියම් බහුල ආහාර පරිභෝජනයෙන් වැලකී සිටීම එයට කෙටිකාලීන විසඳුමක් විය හැකි බව ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් පවසයි.

කැඩ්මියම් බහුල වශයෙන් අන්තර්ගත වන්නේ සහල් වල බැවින් කැඩ්මියම් සාන්ද්‍රණය අවම වන ආකාරයට සහල් සහ එළවලු වගා කළ යුතු අතර, ඒ සඳහා විද්‍යානුකූලව කැඩ්මියම් සාන්ද්‍රණය පරීක්ෂා කළ හැකි නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, ආබාධිත සහ වැඩිහිටි ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලාංකික ජනතාව දැනට පරිභෝජනය කරන ආහාර අතරින් සියයට හතලිස් පහක කැඩ්මියම් ප්‍රතිශතයක් සහල් වල දැකිය හැකි අතර අල හා බතල වැනි අහාර වලද කැඩ්මියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක තිබෙන බව මෙතෙක් ඒ පිළිබඳව පළවූ පරීක්ෂණ වාර්තා තිස් දෙකක තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවේ වකුගඩු ගැටලුව පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට අදහස් කරන චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියේ නිගමනය වී තිබේ.

පළමුව ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක දරුණු වකුගඩු රෝගයක් පැතිර යාමට ප්‍රධානම හේතුව පානීය ජලයේ අඩංගු ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන පවසා තිබුණි

ලංකාවේ සිදුකර ඇති පර්යේෂණ වල දී බොහෝ විට සිදුවී ඇත්තේ ජලය, සහල් හෝ වෙනත් ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් පරීක්ෂාවට ලක් කර ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ප්‍රතිශතයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවතීදැයි සොයා බැලීම බව පවසන වෛද්‍ය ජයලාල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ප්‍රතිශතයන් ඉක්මවා නොයෑම මගින් පමණක් අදාළ රසායනික ද්‍රව්‍ය වලින් මිනිස් සිරුරට කරන බල පෑම නොසලකා හළ නොහැකි බව පවසයි.

by (420 points)
edited by

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
721 questions
289 answers
6 comments
3,898 users