ASKME
0 votes
558 views
by (576 points) | 558 views

1 Answer

0 votes
දිය තිප්පිලි , දිය බුලත්, වතුර ගස් කියන නම් වලින් සාමාන්ය ව්යවහාරයේ හැදින්වෙන මේ ශාකය ශ්රී ලංකාවට ආවේණික නොවන හදුන්වා දුන් ශාකයක්. මේ ශාකය වඩාත් ප්රචලිත වෙලා තියෙන්නෙ දකුණු ඇමරිකානු ඉතිහාසය තුල.

☘️වැඩි උසකට නොවැඩෙන මාංශල බවින් වැඩි මේ ශාකය තෙත් කලාපයේ බහුලව වැවුණත් වියලි කලාපයේ නම් යම් සීමාවක් සහිතව තමයි වර්ධනය වෙන්නෙ.
☘️කළු ලෑලි මකන්න ගන්න ගස් විදියට විතරක් ලංකාවෙ අපි මෑත කාලෙ හදුන්වනු ලැබුවත් මේ ශාකය ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ , වැඩි පෝෂණ පදාර්ථ වලින් යුත් ශාකයක් බව ඔබ දන්නවද.
☘️තෝයකණ්ඩ කියන සංස්කෘත නාමයෙන් හදුන්වන දිය තිප්පිලි ශාකය රසායන ගුණයෙන් යුතු බව සදහන්.
☘️මේ ශාකයේ ඉහළ පොටෑසියම් ප්රතිශතයක්, කාබෝහයිඩ්රේට, බීටා කැරොටීන් , කැල්සියම් සහ ජලය අන්තර්ගත වෙනවා.
☘️ ආතරයිටීස් තත්ව නැතහොත් සන්ධි ගත වාත තත්ව වලට ප්රතිකාරයේදි ආහාරමය ඖෂධයක් විදියට විශේෂයෙන් ම වැදගත් වෙනවා.
☘️ඒ වගෙම ඇදුම, ශ්වාසනාල ප්රදාහය (bronchitis) තත්ව වලදි මේ ශාකය තැම්බු ජලය හෝ කෂාය භාවිතා කරනවා.
☘️උණ රෝගයේ දි සහ ප්රදාහ තත්ව වලදි Aspirin ඖෂධය හා සමාන ක්රියාකාරිත්වයක් මේ ශාකයේ සාරය තුල තිබෙන බව පරීක්ෂණාත්මකව සොයාගෙන තිබෙනවා.
☘️පිලිකා නාශක, මුත්රා කාරක, වකුගඩු වල ක්රියාකාරීත්වය වැඩි දියුණු කරන, ගුණ වලින් යුතු මේ ශාකයේ තැම්බුමක් උදෑසන හිස්බඩ පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගයෙහි මුල් අවධියේ පාලනය කරගැනීමටත් ආමාශයේ ඇතිවන දැවිල්ල ශමනය කරගැනීමටත් පුළුවන්.
☘️ඒ වගෙම පිලිස්සීම් තුවාල වලට ආලේප කිරීමෙන් සහනයක් ලබාගන්නත් පුළුවන්.
☘️කුරුලෑ බිබිලි නිසා වදවෙන ඔබටත් ආලේපයක් විදියට ඇල්වතුර සමග මිශ්ර කර මේ ශාකයේ ප්රලේපය මුහුණේ තවරන්න පුළුවන්.
☘️සැරව බිබිලි, සැරව ගලන තුවාල වලටත් මතුපිට ආලේපනයක් ලෙස යොදා ගත හැකියි.
ආහාරය සදහා පිලියෙල කරගැනීම
===================================
රටලූණූ, අමුමිරිස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් ,ලුණු ස්වල්පයක් , දෙහි එකතු කරලා සලාදයක් විදියට
බී ලූනූ, සුදු ලූණු , මිරිස් කෑලි , ලුණු එකතු කරලා කංකුන් තෙල් දාන විදියටම තෙම්පරාදුවක් විදියට
අම්ල පිත්ත රෝගයට නම් උදෑසන හිස්බඩ තැම්බුමක් විදියටත්
☘️මෙය ආහාරයට ගන්න පුළුවන්. මේ සලාදය නම් විදේශ රටවල ඉතා ප්රසිද්ධ ආහාරයක්.
by (420 points)

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
721 questions
289 answers
6 comments
3,898 users