ASKME
0 votes
440 views
by (375 points)
edited by | 440 views

1 Answer

0 votes
අද මුදල් ඉපයීමට ලෙහෙසිම ක්රමයක් ලෙස මවාපාන නමුත් අපිට මුදල් ඉපයීමට ඉතා අමාරු, අපගේ හුදු වාසිය වෙනුවෙන් අහින්සක මිනිසුන් දහස් ගණනක් අමාරුවේ දැමීමට සිදුවන, අවසානයේ තමන්ට හිමි සියල්ලම අහිමි වී හිරබත් කෑමටද සිදුවන ව්යාපාරයක් තමයි මේ පිරමීඩ ව්යාපාර. මේවා එක් අයකුගෙන් පටන්ගෙන පහලට පිරමීඩයක් ලෙස විවිධ මට්ටම් වලට පුද්ගල පුරුක් අමුනා ගෙන ඔවුන්ගෙන් සම්භන්ධක ගාස්තු හෝ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට සැලැස්වීම මගින් හෝ මුදල් එකතු කරන ආයතන ලෙස ක්රියාත්මක වෙනවා. ඔබේ හොදම මිතුරා හෝ ලඟ හිතවතෙක් තමයි ඔබව මුලින්ම මේ කරදරේ පටලවන්නේ. මොකද එම තැනැත්තා මුලින්ම මේ බොරුවට අහුවෙලා ඉන්නේ.
මේ පිරමීඩ ක්රියාත්මක වන්නේ ආයෝජන හෝ ව්යාපාර යෝජනා ක්රම ලෙස. මෙහිදී ප්රතිලාභ ලබන ක්රම දෙකක් තියෙනවා. ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට,
1. මෙම යෝජනා ක්රමයේ සාමාජික සංඛ්යාව වැඩි වීම මත
මෙහිදී කරන්නේ මම සම්භන්ධ වූවානම් මම තව දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මේකට සම්භන්ධ කිරීම හා ඉන්පසු මා සම්භන්ධ කල අය තවත් සාමාජිකයන් සම්භන්ධ කිරීමයි.
2. යෝජනා ක්රමයේ අරමුදල් ප්රමාණය එනම් සම්භන්ධ වන පුද්ගලයින් ගෙවන මුදල් ප්රමාණය වැඩිවීම මත හෝ බොහෝ දුරට තීරණය වන්නා වූ ක්රමයක් මත.
මෙම ව්යාපාර එකක්වත් රජයේ හෝ ශ්රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්යාපාර නොවේ. ඒවා නීතිවිරෝධී වංචා ව්යාපාර.
කොහොමද මේවා ක්රියාත්මක වෙන්නේ?
මේ ව්යාපාර විවිධ ස්වරූප වලින් ක්රියාත්මක වෙනවා. සමාජ සේවා ආයතන ලෙස, භාණ්ඩ හා සේවා අලෙවි කරන ආයතන ලෙස හෝ කෙලින්ම මුදල් ආයෝජනය කරන ව්යාපාර ලෙස පෙනී සිටිනවා. කෙසේ ක්රියාත්මක වුවත් මේවා සියල්ල නීති විරෝධී ව්යාපාර.
by (576 points)

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
721 questions
289 answers
6 comments
3,898 users