ASKME
0 votes
399 views
කාලීන වකුගඩු රෝගය යනු කුමක්ද? කාලික වකුගඩු රෝගයට හේතුකාරක මොනවාද ?
by (576 points)
edited by | 399 views

1 Answer

0 votes
දිගු කාලයක් තුළදී වකුගඩුවලට සිදුවන හානිය නිසා වකුගඩු මගින් අප සිරුරේ ඉටු කරන කාර්යයන් කිරීමට නොහැකි තත්ත්වයට පත්වීම කාලික වකුගඩු රෝගයයි.

මේ නිසා ඔබගේ ශරීරය තුළ ක්‍රියැටිනින්, යූරියා වැනි අපද්‍රව්‍ය එක්රැස් වන අතර මුත්‍රා සමග සමඟ ප්‍රෝටීන (ඇල්බියුමින්) පිටවීම සිදුවේ.

කාලික වකුගඩු රෝගයට හේතුකාරක මොනවාද ?
මනා පාලනයෙන් තොර වූ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය
ගුච්චිකා ප්‍රදාහය
වකුගඩුවල ගල් හටගැනීම
වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගු කාලීනව බටහිර හෝ ආයුර්වේද ඖෂධ භාවිතය
උදා:වේදනා වේදනා නාශක

 වෙනත් හේතූන්:

දිනපතා බීමට ගන්නා ජලය ප්‍රමාණය අඩුවීමත් කැඩ්මියම් , ආසනික් වැනි බැර ලෝහ මුසු ආහාර සහ ජලය පරිභෝජනය
සර්ප දශ්ටනය,මී උණ,වස විෂ ශරීරගත වීම
දියවැඩියාව, අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන බටහිර ප්‍රතිකාර මඟින් කාලික වකුගඩු රෝගය ඇති නොවේ.
ඔබගේ වකුගඩු රෝගී බව හඳුනා ගන්නේ කෙසේද ?
වකුගඩු රෝගය මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ ඇති නොකරයි. එමනිසා හඳුනාගත හැක්කේ පරීක්ෂණ මගින් පමණි.

මුත්‍රා (ප්‍රෝටීන් /ඇල්බියුමින්) සහ රුධිරය (ක්‍රියැටිනින්) පරීක්ෂාවක් මගින් මෙය හඳුනාගත හැක.

වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර, ඔබගේ වකුගඩු රෝගී අවස්ථා මත හා පවතින අනෙකුත් රෝගී තත්ත්වයක් මත තීරණය වේ.

වකුගඩු අකර්මණ්‍යතා අවස්ථා GFR අගය (ml/min 1.73m2)

1 වන අවස්ථාව 90 ට වැඩි

2 වන අවස්ථාව 61-90

3 වන අවස්ථාව 31-60

 4 වන අවස්ථාව 16-30

5 වන අවස්ථාව 0-15

GFR යනු වකුගඩුවෙ ක්‍රියාකාරිත්වය මනින මිම්මකි.

වකුගඩු රෝගයට ප්‍රතිකාර තිබේද ?
වකුගඩු රෝගයට සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත.

මුල් අවධියේ දී හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔබටත් නිරෝගී පුද්ගලයකු හා සමානව එදිනදා කටයුතු සහ රැකි රක්ෂා කිරීමට හැකියාව ඇත.

සිදුකරන ප්‍රතිකාර ක්‍රම
ජීවන රටාව සහ වැරදි ආහාර පුරුදු වෙනස් කිරීම ඖෂධීය ප්‍රතිකාර

කාන්දුකරණ ප්‍රතිකාර (පරිතාන හෝ රුධිර ) වකුගඩු බද්ධ කිරීම

ඔබගේ වකුගඩු රෝගය උත්සන්නවීම වැළැක්වීමට කළ යුත්තේ කුමක්ද?

නිසි පරිදි සායනවලට සහභාගි වීම

වෛද්‍ය උපදෙස් මත චර්යාත්මකව සහ ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම

ගත ගතයුතු ආහාර සහ ජලය යුතු ආහාර සහ ජලය ප්‍රමාණය පිළිබඳ උපදෙස් ඔබගේ වෛද්‍යවරයාගෙන් ලබාගත හැකිය.

 ඔබගේ වකුගඩු රෝගය උත්සන්න වුවහොත්…..

වකුගඩු වලට තම කාර්යය කළ නොහැකි නිසා රුධිරයේ හෝ පරිතාන කාන්දුකරණ සිදු කිරීම හෝ වකුගඩු බද්ධ කිරීම් අවශ්‍ය විය හැක.

වකුගඩු රෝගය සමඟ ඉදිරියට ජීවත් වන්නේ කෙසේද ?
නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔබටත් සාමාන්‍ය ජීවිතයක් ජිවිතයක් ගත කළ හැක.

ඔබගේ කායික මානසික සහ සාමාජීය ගැටළු වෛලු වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබට සහනය ලබාගත හැකිය.
by (420 points)

721 questions

289 answers

6 comments

3.9k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
logo
721 questions
289 answers
6 comments
3,898 users