ASKME
0 votes
217 views
by (588 points) | 217 views

1 Answer

0 votes

වර්තමාන සමාජය තුළ ඕනෑම පුද්ගලයෙකු හට හිසකෙස් සම්බන්ධව කුමන හෝ ගැටලුවක් පවතින බව නොරහසක්. ඉන් අකලට හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් සුදු වීම ප්රධානතම ප්රශ්නයක් වී තියෙනවා. මීට අමතරව කොණ්ඩය ඝණ නොවීම, කොණ්ඩය වේගයෙන් නොවැඩීම වැනි තවත් බොහෝ ගැටලු ගණනාවක් ද මේ අතර පවතිනවා.

හිසකෙස් සම්බන්ධ ගැටලු ඇතිවීමට හේතුවන කාරණා මොනවාද?

  •  දූෂිත වූ පරිසරයෙන් නිකුත් කරන දූවිලි
  •  විවිධ රසායනික ද්රව්ය සහිත වාතය
  •  වාහන වලින් පිටවන දුම
  •  තද අව්ව වැනි පාරිසරික හේතූන්
  •  ශරීරයට නිසි පෝෂණයක් නොමැති වීම
  •  මානසික ආතතිය
  •  නිතර හෙල්මට් පැළඳීම
  •  වායුසමීකරණය කරන ලද ස්ථාන වල නිතරම ගැවසීම
  • විවිධ රසායනික ද්රව්ය යොදා හිසකෙස් සැකසීම
  • වෙනත් ස්ථානවලට පදිංචියට යාම වැනි කාරණා නිසා කාලයක් තිස්සේ ස්නානය කරන ලද ජලය එකවිටම වෙනස් වීම
  •  අවේලාවේ (සවස හා රාත්රීයේ) දීර්ඝ කාලයක් ජලස්නානය කිරීම

බොහෝවිට පිරිමි අය සිසිලසක් ලබා ගැනීම සඳහා මෙන්තෝල් අඩංගු තෙල් වර්ග වලින් හිස සම්බාහනය කර ගැනීමආදී කරුණු වර්තමානයේ හිසකෙස් වල ගැටලු ඇතිකිරීමට සම්බන්ධ ප්රධාන හේතුකාරණ වෙයි.

by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users