ASKME
0 votes
160 views
by (588 points) | 160 views

1 Answer

0 votes
  • මුගුණුවැන්න, කීකිරිඳිය, ගොටුකොළ, ඉරමුසු, මොණරකුඩුම්බිය, කරපිංචා, හාතවාරිය, ලුණුවිල, පොල්පලා, නෙළුම් අල වැනි ඖෂධීය ශාක වලින් සමන්විත කැඳ වර්ගයක් සතියට කිහි විටක් පානය කිරීම.
  • කරපිංචා, ඉදුණු අළු කෙසෙල් සහ මී පැණි වලින් සමන්විත මිශ්රණයක් සකසා රාත්රියේ නින්දට පෙර හා උදේ අවදි වූ පසු ආහාරයට ගැනීම.
  • ඉදුණු අළු කෙසෙල් හෝ සුවඳැල් කෙසෙල් සීනි හා මී පැණි සමඟ ආහාරයට ගැනීම. එමඟින් හිසකෙස් අකලට පැසීම වළක්වා ගත හැකියි.
  • සෝදා වේලාගත් කළුතල ඇට තේ හැන්දක් පමණ සෑම දිනකම උදෑසන සහ සවස ආහාරයට ගැනීම. තල Cu (කොපර්) නැමැති මූලද්රව්යයෙන් පොහොසත් නිසා එමඟින් අකලට හිසකෙස් පැසීම වළක්වයි. මෙම ප්රතිකර්මය මාස කිහිපයක් කිරීමෙන් ක්රමක්රමයෙන් හිසකෙස් පැසීම වළකීම.
  • කජු, රටකජු, රට ඉඳි ආහාරයට එක්කර ගැනීම.
  • කතුරුමුරුංගා කොළ ආහාරයට එක් කරගැනීම.
  • තලාගත් ඉඟුරු සමඟ මී පැණි හැන්දක් උදෑසන පානය කිරීම.
  • බුළු කුඩු සමඟ උක් හකුරු මිශ්ර කර තේ හැන්දක පමණ ප්රමාණයක් උදෑසනට ගැනීම.
  • තිබ්බටු, කීකිරිඳිය ව්යාංජන සකසා ආහාරයට ගැනීම හා කරපිංචා වලින් සම්බෝලයක් අඹරා ආහාරයට ගැනීම.
  • ලූණු යුෂ සමඟ මී පැණි පානය කිරීම, ලූණු යුෂ සමඟ දෙහි යුෂ පානය කිරීම.
  • නෙල්ලි තැම්බූ වතුර, ඉරිවේරිය තැම්බූ වතුර පානය කිරීම.
  • හිසෙහි ආලේප කර සෝදා හැරීමට සුදුසු ඖෂධ මිශ්රණයන්...
  • සේපාලිකා බීජ ජලයෙන් අඹරා හිසෙහි ආලේප කරන්න. එමඟින් හිස් හොරි ඇතිවීම, හිසේ කොරපොතු ඇතිවීම, අකලට කෙස් වැටීම නැවතෙනවා මෙන්ම අලුතින් හිසකෙස් වැඩීම ද සිදුවෙයි.
  • කොට්ට පුළුන් කොළ කොටා එහි යුෂ කෝප්ප භාගයක් පමණ ගෙන එයට දෙහි ගෙඩි කාලක පමණ යුෂ යොදා මිශ්රකර ෂැම්පු කරන ආකාරයට කොණ්ඩයෙහි ආලේප කර මිනිත්තු 30 කට පමණ පසු ස්නානය කරන්න.
  • මෙය සතියට දෙවතාවක් පමණ සිදුකරන්න. මෙම ප්රතිකාරය මඟින් කොණ්ඩය කළු වීම, කොණ්ඩය ගැලවීයාම නතර වීම සහ කොණ්ඩයේ වර්ධනය වේගවත් වීම වැනි ප්රතිඵල ලබාගත හැකියි.
  • කරපිංචා කොළ යුෂ මද ගින්නේ රත්කර එය හිඳීගෙන යනවිට එයට පිරිසිදු තල තෙල් එක්කර කකාරවා ඉන්පසු හිසෙහි ආලේප කරන්න.
  • බිත්තරයක් ගෙන එයට ඔලිව් තෙල් හා දෙහි ඇඹුල් එක්කර හොඳින් මිශ්ර කර හිසෙහි ගල්වා ටික වේලාවකට පසු ස්නානය කරන්න.
  • උළුහාල් 20g යි, දෙහි ගැට 5 යි, ගොඩපර ගෙඩි 5 යි, අමු නෙල්ලි ගෙඩි 5 යි යන මේ සියල්ල හොඳින් තම්බාගෙන හිස ගල්වා විනාඩි 10 ක් පමණ ඇඟිලි තුඩු වලින් හොඳින් සම්භාහනය කර පැය 2 කට පසු ස්නානය කරන්න. ඉන්පසු සුදුසු තෙලක් හිසගල්වන්න. මෙම ප්රතිකාරයෙන් ටික දිනකින් සුදු කෙස් කළු කරගත හැකියි.
  • නෙල්ලි සහ කරපිංචා ඇට හොඳින් කොටා තම්බා හිස සෝදන්න. මෙමඟින් ද හිසකෙස් කළු කරගත හැකියි.
  • දෙහිගැට, උළුහාල් තම්බා හිසෙහි ආලේප කර සෝදා හරින්න.
  • සැවැන්දරා තැම්බූ ජලයෙන් හිස සෝදන්න.
  • අමු නෙල්ලි, දෙහි යුෂ සමඟ මිශ්ර කර ආලේප කර සෝදන්න.
  • කීකිරිඳිය, ගොටුකොළ, මුගුණුවැන්න, එළකිරෙන් හෝ ජලය සමඟ අඹරා ආලේප කර සෝදන්න.
  • වෙරළු කොළ යුෂ හෝ පේර කොළ යුෂ වලින් හිස සෝදන්න.
  • කෝමාරිකා මද බිත්තර කහමද සමඟ මිශ්රකර හිසෙහි ආලේප කර සොදා හරින්න.
  • පොකුරු වදමල් අඹරා හිස ගල්වා මද වේලාවකින් සෝදා හරින්න.
  • කීකිරිඳිය, මරතොණ්ඩි කොළ, නිල් ඇවරිය කොළ සමව ගෙන කොටා එහි යුෂ හිස ගල්වා මිනිත්තු 30 කට පමණ පසු සෝදා හරින්න.
  •  වියළි නෙල්ලි කුඩු තේ හැඳි 4 ක්, ලොකු දෙහි ගෙඩියක යුෂ සමඟ මිශ්ර කර ක්රීම් එකක් සේ සාදාගන්න. ඉන්පසු එය හිස ගල්වා සම්බාහනය කර මිනිත්තු 30 ක් පමණ තබා සබන් හෝ ෂැම්පු කිසිවක් නොයොදා සෝදාහරින්න.
by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users