ASKME
0 votes
1k views

හිසෙහි ආලේප කර සෝදා හැරීමට සුදුසු ඖෂධ මිශ්රණයන් මොනවද? හිසට ඖෂධීය තෙල් ගැල්වීම මඟින් ඇතිවන ප්‍රතිපල මොනවාද?

by (588 points) | 1k views

1 Answer

0 votes

පළමු තෙල

හිසකෙස් ගැලවීයාම, තට්ටය පෑදීම, හිසකෙස් නීරෝගිමත් නොවීම, අකලට හිසකෙස් පැසීම වැනි ගැටලු ඇති අයට වටිනා තෙලකි මේ...

අවශ්ය ද්රව්ය :-

මුගුණුවැන්න කෝප්ප 01, කරපිංචා කෝප්ප 01, නෙල්ලි ගෙඩි 15, හෙනා (මරතොණ්ඩි) කොළ කෝප්ප 01 සහ අවශ්ය පමණට පොල්තෙල්

සාදාගන්නා ආකාරය :-

මුගුණුවැන්න, කරපිංචා, නෙල්ලි, හෙනා කොළ යන මේ සියල්ල පිරිසිදු කර බ්ලෙන්ඩරයකට දමා එයට වතුර ස්වල්පයක් ද එක් කර පේස්ට් එකක් වන සේ අඹරා ගන්න. දැන් භාජනයක් ලිප තබා ඔබට අවශ්ය ප්රමාණයට එයට පොල් තෙල් එකතු කර එය රත්වීගෙන එන විට කලින් සකසා ගත් මිශ්රණය(පේස්ට්) එක පොල්තෙල් වලට එකතු කරගන්න. දැන් එය ලිපෙහි මද ගින්නේ තබන්න. මෙලෙස මිනිත්තු 45 ක් - 50 ක් පමණ යනවිට කලින් එකතු කළ පේස්ට් එක කළු පැහැයට හැරේ. එම කළු පැහැයට හැරෙනවාත් සමඟම ලිපෙන් බා නිවෙන්නට හරින්න. නිවුණු පසු පිරිසිදු රෙදිකඩක් භාවිතයෙන් තෙල් එක පෙරා වෙන් කරගන්න. මෙම තෙල් එක ඔබට මාස තුනක කාලයක් පමණ තබාගත හැකියි.

මෙය දිනපතා පාවිච්චියට ගැනීමෙන් ඔබට විශිෂ්ඨ ප්රතිඵල ලබාගැනීමට හැකිවේවි.

. දෙවන තෙල

අවශ්ය ද්රව්ය :-

උකු මිටි පොල් කිරි, කරපිංචා කොළ, උළුහාල්, කළුදුරු, රතුළූණු, දෙහි කොළ, කුරුඳු පොතු, සැවැන්දරා මුල්, කීකිරිඳිය කොළ යුෂ (මෙය අවශ්යම නැත.)

සාදාගන්නා ආකාරය :-

උකු මිටි පොල් කිරි අරගන්න. දැන් එය ඝන වන තුරු ශීතකරණයක තබන්න. ඝනවීමෙන් පසු ඝන වූ කොටස වෙනම ඉවත්කරගෙන පිරිසිදු පොල්තෙල් ලැබෙන තෙක් ඝන වූ කොටස් වෙනම භාජනයක උණු කරන්න. ඉන්පසු එයට කරපිංචා කොළ, උළු හාල්, කළුදුරු, රතුළූණු, දෙහි කොළ, කුරුඳු පොතු, සැවැන්දරා මුල් (මෙය සුවඳ ලබා දෙයි) තිබේනම් පමණක් කීකිරිඳිය ඉස්ම යන මේ සියල්ලම දමා තෙල රන්වන් පාට වනතුරු හින්ඳවගන්න.

නිවුණු පසු පෙරා පිරිසිදු බෝතලයකට දමා ගන්න. අවශ්ය නම් පමණක් සැවැන්දරා මුල් කිහිපයක් ද එම තෙල් බෝතලය තුළට දමන්න.

හිසට දැමීමට ක්ෂණිකව සැකසිය හැකි තෙල් වර්ග කිහිපයක් ....

පිරිසිදු පොල්තෙල්

පිරිසිදු තැඹිලි තෙල්

කරපිංචා කොළ තෙලේ බැද පෙරගත් තෙල්

හෙනා කොළ තෙලේ බැද පෙරාගත් තෙල්

නෙල්ලි ගෙඩි කැබලි කර එය මඳ පවනේ වියළා තෙල් සමඟ රත්කර පෙරාගත් තෙල්

වෙළඳපොලෙන් ඔබට මිළ දී ගත හැකි හිසට සුදුසු තෙල් වර්ගයන්...

️ භෘංගමාලක තෛලය

️ නීල්යාදී තෛලය

️ අරූද තෛලය

️ මයුරකාන්ති තෛලය

️ බ්රාහ්මී තෛලය

️ කේශ වර්ධනී තෛලය

️ නිර්ගුණ්ඩ්යාදී තෛලය

️ උබේසේකර කේෂ කල්යාණී තෛලය

️ අකාලපලිත තෛලය

by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users