ASKME
0 votes
114 views
by (588 points) | 114 views

1 Answer

0 votes

සූවස් ඇළේ නැව් ගමනාගමනය අවුරමින් එහි සිරවී ඇති නැව යථා තත්ත්වයට ගෙන ඒමේ කටයුතු තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.ලොව වඩාත්ම කාර්ය බහුල වෙළෙඳ මාර්ගය අවුරමින් ඊජිප්තුවේ සූවස් ඇළ හරස් අතට සිරවී තිබෙන්නේ පාපන්දු පිටි හතරක දිගට සමාන වූ, බහාලුම් (container) ප්‍රවාහන යෝධ නෞකාවකි.සූවස් ඇල ඔස්සේ යාත්‍රා කරමින් තිබියදී දැඩි සුළං පහරකට හසු වූ මීටර 400 ක් (අඩි 1,312) දිග නැවේ ගමන් මගින් මිදී ඇළේ දෙවුර අතර සිරවී ඇත.

මේ අනුව එම නැව ගලවා ගන්නා තෙක්, සූවස් ඇළට පිවිස ඇති තවත් නැව් ගණනාවකට සුවස් ඇළ පසුකර යෑමට නොහැකිව රැදී සිටීමට සිදු විය.මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික කටයුතුවලට ද යම් බලපෑමක් එල්ල කරනු ඇති බව එම ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති.ඔවුන්ගේ පුරෝකථනවලට අනුව භාණ්ඩ සැපයුම් දාම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇත.සූවස් ඇල මාර්ගයේ මතුව ඇති තදබදය මගහැරවීම සඳහා එහි ඇති පැරණි ප්‍රවේශයක් යළි විවෘත කරමින් ඒ ඔස්සේ ඇතැම් නැව් යොමු කිරීමට ඊජිප්තුව පියවරගෙන තිබේ.සූවස් ඇළේ මතුවී ඇති මෙම අවහිරය, ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාමට හේතු වී ඇත.

යුරෝපය හා ආසියාව යා කරන කෙටිම මාර්ගය වන්නේ රතුමුහුද හා මධ්‍යධරණී මුහුද සම්බන්ධ කෙරෙමින් ඊජිප්තුව ඔස්සේ ඇති සූවස් ඇළ මාර්ගය වේ. ලෝක වෙළෙඳාමේ 12% පමණ ප්‍රමාණයක් එම ඇළ හරහා ක්‍රියාත්මක කෙරේ.මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ සභාපති ඉක්රම් කටිලාන් ද පෙන්වා දුන්නේ මතුවී ඇති තත්ත්වය හමුවේ කොළඹට පැමිණෙන භාණ්ඩ ලැබීමේ මෙන්ම අපනයන කරන භාණ්ඩ අදාළ ගමනාන්තවලට ළඟාවීමේ ප්‍රමාද සිදුවිය විය හැකි බව ය.තායිවානයේ 'එවර්ග්‍රීන් මරයින්' (Evergreen Marine) නැව් සමාගමට අයත් 'එම්වී එවර් ගිවන්' (MV Ever Given) නෞකාව බරින් ටොන් ලක්ෂ දෙකකි. 2018 වසරේ නිපදවා ඇති එය පැනමා රාජ්‍යයේ ලියාපදිංචි කර තිබේ.

නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් වරාය නගරය ගමනාන්තය කොටගෙන චීනයෙන් පිටත්වූ එම නැව සූවස් ඇළ ඔස්සේ යාත්‍රා කරමින් තිබුණේ මධ්‍යධරණී මුහුදට පිවිසීමේ අටියෙනි.අඟහරුවාදා (මාර්තු 23) ඊජිප්තුවේ වේලාවෙන් උදෑසන 7.40 ට පමණ නැවේ මග වෙනස්ව ගොස් එය ජල මාර්ගය හරස් කරමින් සිරවූයේ එහි ඉවුරු දෙක සම්බන්ධ වන පරිදිය.

මීටට 400ක් දිග හා මීටර 59 ක පළලින් යුතු එම නැව, ඇළ මාර්ගයේ දෙපසට ඇදෙන අනෙකුත් නෞකාවල ගමන අවහිර කර ඇති අතර මේ හේතුවෙන් විශාල නැව් පේලියක් දෙපසින් දැකගත හැකිය.නැව දැනටමත් අර්ධ වශයෙන් යළි පාකිරීමට හැකි වී ඇති බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කළ එම නැවේ කළමනාකාරීත්වය දරන බර්න්හාර්ඩ් ෂුල්ටී ෂිප් මැනේජ්මන්ට් සමාගම පැවසුවේ, "නැව සුරක්ෂිතව යළි පා කිරීම හා සූවස් ඇළේ ගමනාගමනය සුරක්ෂිතව යළි ආරම්භ කිරීම හදිසි ප්‍රමුඛතාව" වන බවය.

by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.

Related questions

742 questions
291 answers
7 comments
5,040 users