ASKME
0 votes
136 views
by (588 points) | 136 views

1 Answer

0 votes

උඩරට අතරමැදි කලාපයට අයත් වැලිමඩ හා බණ්ඩාරවෙල ප්‍රදේශවලින් ආරම්භ කළ හරිතාගාර (ආරක්ෂිත ගෘහ) වගා ක්‍රමය අද වන විට දිවයින පුරා ව්‍යාප්තව තිබේ. මෙයට හේතුව කුඩා ඉඩමක පවා වගා කිරීමට හැකි වීමයි. ගොවිතැනින් ඉවත් වන තරුණ පිරිස කෘෂි කර්මාන්තයේ රඳවා ගැනීමට හරිතාගාර වගා ක්‍රමය ඉවහල් වී තිබේ. එහෙත් මෙම හරිතාගාර තුළ පවතින දැඩි උණුසුම වගාකරු මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වේ. එයට විසදුම් ලෙසින් උණුසුම පාලනය කර ගැනීමට හැකි වන සේ නිපදවන ලද සිසිලන උපකරණ පද්ධතියක් හඳුන්වා දීමට බණ්ඩාරවෙල කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති අතර එම සිසිලන පද්ධතිය සුර්ය බලශක්තියෙන් ස්වයංක්‍රියව ක්‍රියාත්මක විම වගාකරුට විශාල වාසියක් බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී. සෝමචන්ද්‍ර මහතා පවසයි.

වාණිජ එළවළු වගා ක්‍රමය ආරම්භ විමත් සමඟම වගාවට ඉඩම් සීමා වීම, කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සීමාකාරි සාධකයක් බවට පත්වීම මෙන්ම පාරිසරිකව සිදු වන අනපේක්ෂිත ගැටලු ද මතු විය හැකිය. එසේම අස්වනුවලට ලැබෙන මුදල අවම වීමත්, ශ්‍රමිකයන් හිඟවීමත් යන කාරණා හේතුවෙන් තරුණ පිරිස් ගොවිතැනින් ඉවත්විම ද දක්නට ලැබිණි. මෙම ප්‍රධාන ගැටලුකාරි කරුණුවලට විසඳුම් ලෙසින් සම්ප්‍රදායික වගා ක්‍රමය වෙනුවට හරිතාගාර (ආරක්ෂිත ගෘහ, දැල් නිවාස) වගා ක්‍රමය ගොවීන්ට හඳුන්වා දෙන ලදි. මෙම වගා ක්‍රමය අද වන විට තරුණයන් අතර අතිශය ජනප්‍රිය බවට පත්ව ඇත. මෙයට හේතු වන්නේ කුඩා බිමක ඉදි කර ගත හැකි ආරක්ෂිත ගෘහයක් තුළ අඩු මිනිස් ශ්‍රමය හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉහළ ආදායම් ලබා ගත හැකි බෙල්පෙපර්, තක්කාලි, පිපිඤ්ඤා, ආහාර රසකාරක, මාළු මිරිස්, සලාද වර්ග, මල් ගෝවා, සාම්ප්‍රදායික නොවන සුකිනි පචොයි යන එළවළු සමඟ ස්ට්‍රෝබෙරි වැනි පලතුරු වගාවන් සිදු කිරීමට හැකි වීමය. විවෘත භුමියක මාස 3ක් වයසැති තක්කාලි ගසකින් කිලෝ ග්රෑම් එකහමාරක අස්වැන්නක් ලබා ගැනීමට පිළිවන. එහෙත් දැල් නිවාසයක තක්කාලි ගසකින් මාස 3න් කිලෝ ග්‍රෑම් 7-9 අතර ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි. මේ වගාවලට අමතරව කැපූ මල් ද දැල් නිවාස වගාවක් ලෙසට ඉතාමත් සාර්ථකව සිදු කර ගත හැකිය.

by (432 points)

742 questions

291 answers

7 comments

5k users

Welcome to Askme.lk, where you can ask questions and receive answers from other members of the community.
742 questions
291 answers
7 comments
5,040 users